1.
සාහිත්‍යමය අංග
·
පසුතලය
කථාවතුල කිසියම් එය
සිදුවන පරිසරයක් නිර්මාණය කරනු ලබයි.මෙය එහි පසුතලයයි පසුබිම යනු සිද්ධිය සිදුවන
කාලය හා ස්ථානයයි. එය වර්ෂා සමයක් , වසන්ත සමය හෝ ඉතිහාසයේ වකවානුවක් වැනි විවිධ
ආකාර ගනී. එය භූමි දර්ශණ,චාරිත්‍ර,ගෘහභාණ්ඩ, ඇඳුම්, ගමනාගමනය හා වර්ෂයක හෝ දිනයක
සිදුවීමක් ලෙස රචකයා විසින් පසුතලය චිත්‍රනය කරයි. පසුතලය තුල රචකයා විසින්
කණගාටුව,ශෝකය, ත්‍රාසය හෝවිනෝදය වැනි වින්දනාත්මක හැඟීම් ජනනය කරවයි. තරගකරුවන්
විසින් මෙම පසුතලය හා එමඟින් ජනනය කල හැඟීම
ග්‍රහණය කරගත යුතුවේ.
·
චරිත
කතාවන චරිත විස්තර වේ.
මේවා මිනිස්සු, සත්තු සහ වෙනත් නිර්මිත සත්වයන් විය හැක.මේ අතරින් එක් අයෙක් හොඳ
චරිතයන් වන අතර තවත් නරක චරිතයක් හෝ කිහිපයක් වේ. හොඳ චරිතය හා නරක චරිතය අතර
ගැටුමක් ලෙස කථාව ගලා යයි.
·
කථාවස්තු සැකිල්ල
කතාන්දරයක් ගොඩනගනුයේ කිසියම්
සිද්ධි මාලාවක් අනුපිළිවෙලකට සංවිධානය කිරීමෙන් වේ.මේ සිදුවීම් සහ ආශ්‍රිත ක්‍රියාකාරකම් මඟින් කතාන්දරයේ සැකිල්ල
ගොඩනැගේ. තරගකරුවන් මෙම සැකිල්ල නිසිපරිදි හදුනා ගෙන විස්තර කල යුතුය.කථාවස්තු
සැකිල්ල කථාවස්තු සටහනකින් දැක්විය හැකි වේ
කථාවස්තු සටහන
අනාවරණය
මෙම සිද්ධි දාමය
පෙලගැසෙනුයේ කිසියම් රටාවකට අනුවය. කථාවේ හැඳින්වීම,චරිත හා ගැටුම හඳුන්වා දීම මෙහිදී
සිදුවේ.
කතාවේ නැගීම(Rising Action)
මෙමඟින් විවිධ සිදුවීම් සහ ක්‍රියාකාරකම් මඟින් ගැටුම තීව්‍ර
කරනු ලැබේ.
උත්කර්ශ අවස්ථාව
මෙහිදී කථාවේ ගැටුම උග්‍රවන අතර එහි උපරිමයට ලඟා වේ. සංකුලතාවයන්
ඇතිවේ. මෙහිදී ප්‍රධාන චරිත මුහුණට මූහුණ හමුවේ. ප්‍රතිපලය ලෙස චරිත වෙනසකට භාජනය
වනු ඇත.
කථාවේ බැසීම.
උත්කර්ශ අවස්ථාවෙන් පසු සාමාන්‍ය තත්වයට පත්වීම , බේරුම් කිරීම හා
සමථයට පත්මේ ක්‍රියාවලිය මෙයයි. මේ සඳහා බොහෝවිට සාපේක්ෂ ව අඩු පිටු ප්‍රමාණයක්
වැය කරනු ලබයි.
විසර්ජනය
සියළු ගැටලු අවසන් වී චරිත වෙනසකට භාජනයවී අවසානයට ලඟා වේ.