Monday, August 21, 2017

සාහිත්‍ය අංග



1.       සාහිත්‍යමය අංග
·         පසුතලය

කථාවතුල කිසියම් එය සිදුවන පරිසරයක් නිර්මාණය කරනු ලබයි.මෙය එහි පසුතලයයි පසුබිම යනු සිද්ධිය සිදුවන කාලය හා ස්ථානයයි. එය වර්ෂා සමයක් , වසන්ත සමය හෝ ඉතිහාසයේ වකවානුවක් වැනි විවිධ ආකාර ගනී. එය භූමි දර්ශණ,චාරිත්‍ර,ගෘහභාණ්ඩ, ඇඳුම්, ගමනාගමනය හා වර්ෂයක හෝ දිනයක සිදුවීමක් ලෙස රචකයා විසින් පසුතලය චිත්‍රනය කරයි. පසුතලය තුල රචකයා විසින් කණගාටුව,ශෝකය, ත්‍රාසය හෝවිනෝදය වැනි වින්දනාත්මක හැඟීම් ජනනය කරවයි. තරගකරුවන් විසින් මෙම පසුතලය හා එමඟින් ජනනය කල හැඟීම  ග්‍රහණය කරගත යුතුවේ.

·         චරිත
කතාවන චරිත විස්තර වේ. මේවා මිනිස්සු, සත්තු සහ වෙනත් නිර්මිත සත්වයන් විය හැක.මේ අතරින් එක් අයෙක් හොඳ චරිතයන් වන අතර තවත් නරක චරිතයක් හෝ කිහිපයක් වේ. හොඳ චරිතය හා නරක චරිතය අතර ගැටුමක් ලෙස කථාව ගලා යයි.

·         කථාවස්තු සැකිල්ල
කතාන්දරයක් ගොඩනගනුයේ කිසියම් සිද්ධි මාලාවක් අනුපිළිවෙලකට සංවිධානය කිරීමෙන් වේ.මේ සිදුවීම් සහ ආශ්‍රිත  ක්‍රියාකාරකම් මඟින් කතාන්දරයේ සැකිල්ල ගොඩනැගේ. තරගකරුවන් මෙම සැකිල්ල නිසිපරිදි හදුනා ගෙන විස්තර කල යුතුය.කථාවස්තු සැකිල්ල කථාවස්තු සටහනකින් දැක්විය හැකි වේ

කථාවස්තු සටහන

                          රූපය 1

අනාවරණය
මෙම සිද්ධි දාමය පෙලගැසෙනුයේ කිසියම් රටාවකට අනුවය. කථාවේ හැඳින්වීම,චරිත හා ගැටුම හඳුන්වා දීම මෙහිදී සිදුවේ.
                කතාවේ නැගීම(Rising Action)
            මෙමඟින් විවිධ සිදුවීම් සහ ක්‍රියාකාරකම් මඟින් ගැටුම තීව්‍ර කරනු ලැබේ.

උත්කර්ශ අවස්ථාව
     මෙහිදී කථාවේ ගැටුම උග්‍රවන අතර එහි උපරිමයට ලඟා වේ. සංකුලතාවයන් ඇතිවේ. මෙහිදී ප්‍රධාන චරිත මුහුණට මූහුණ හමුවේ. ප්‍රතිපලය ලෙස චරිත වෙනසකට භාජනය වනු ඇත.
කථාවේ බැසීම.
     උත්කර්ශ අවස්ථාවෙන් පසු සාමාන්‍ය තත්වයට පත්වීම , බේරුම් කිරීම හා සමථයට පත්මේ ක්‍රියාවලිය මෙයයි. මේ සඳහා බොහෝවිට සාපේක්ෂ ව අඩු පිටු ප්‍රමාණයක් වැය කරනු ලබයි.
විසර්ජනය
     සියළු ගැටලු අවසන් වී චරිත වෙනසකට භාජනයවී අවසානයට ලඟා වේ.

Wednesday, May 3, 2017

පහන් දහසක මැදුරක්

පරිවර්තන සාහිත්‍යෙයන්
පහන් දහසක මැදුරක්
Victoria Holt  ගේ The House of a Thousand lanterns හි පරිවර්තනය
පරිවර්තනය කලේ ක්‍රිශානි සඳමාලි මුණසිංහයි.
ප්‍රකාශනය සූරිය ප්‍රකාශකයෝ 2014
ISBN 9789556563061

මෙහි මුල් කතුවරයා ගැන සටහනක් පහත ලින්ක් මඟින් කියවන්න
Victoria Holt
මේ පොත සම්බන්ධයෙන්  පහත සටහන කියවන්න.
The House of a Thousand lanterns

Wednesday, February 1, 2017

ඔබේ දරුවාට පොතක් තෝරා ගන්න


ඔබේ දරුවන් සඳහා පොත් තෝරාගැනීම පිළිබඳ ගැඹුරින් සලකා බලා ඇත්ද? සැබැවින්ම මෙයපිළිබඳ අතිශයින් සැලකිලිමත් විය යුතු කාර්යයකි. මන්ද යත්

  • සවිචාර බුද්ධිය(Critical thinking), 
  • නිවැරදි වචන හා නිරවද්‍ය භාවිතය(Word power),
  • විමර්ශණය හා තොරතුරු උකහාගැනීම 
සඳහා ඔබගේ තෝරා ගැනීම දායක විය යුතු බැවිනි.
(ප්‍රකාශන හිමිකම් නීතිරීති තුල සිටිමින් මෙම කාර්යය කළයුතුවූ බව කරණාවෙන් සලකන්න).

Look at my eggs


ඉහත web link වෙත යොමුවන්න. මෙම පොතේ පිටකවරය ග්‍රන්ථනාමය, ලේඛකයා සහ චිත්‍රශිල්පියා මෙන්ම ග්‍රන්ථමාලාව පිලිබඳ තොරතුරුද කවරයේ පින්තූරයක්ද ඇතුලත්ය. පහල කෙලවර රතුදාරය පාඨක මට්ටම(reading level)පිලිබඳ  හැඟීමක් ලබා දෙයි.කවරයේ පින්තූරය කිකිළිය සහ ඇගේබිත්තර පෙන්වනවාට අමතර ව ඇය තමන්ගේ බිත්තර පිළිබඳ දක්වන ඇල්ම හා උනන්දුව මොනවට පැහැදිලිය.

දැන් sample pages වෙත් යොමුවන්න. "Look at my eggs" said the hen වාක්‍ය සමගාමී ව  පිටු කිහිපයකම යෙදේ. මෙය ළමා පොතක තවත් හොඳ ලක්ෂණයකි.එමඟින් එම වාක්‍ය ඛණ්ඩය ,වචන,රෙුම දරුවාගේ මනස තුල තිරකරයි.ඊ ලඟ පිටුවේ "No" said the duck වාක්‍යයද ඉදිරි පිටුවල නැවත නැවත යෙදෙනුයේ අගට ඇතිවචනය වෙනස් කරමිනි. එමඟින් එක්පිටුවට එක වචනය බැගින් දරුවාගේ ශබ්දකෝෂයට නොදැනීම වචන එකතුකරයි.
දැන් පිංතූරය බලන්න.  පිටුවේ 80% චිත්‍රයට වෙන්කර ඇත. මෙම වයසේ දරුවන්ට වඩා වැදගත්වනුයේ චිත්‍රයයි.කිකිළිය හා තාරාවිය අතර වෙනස  ආවේනික වූ ලාක්ෂණිකයන් වන හොට සහ පාද ඇසුරින් මතුකර දක්වා ඇත.කිකිළියගේ බලාපොරොත්තු සහගත දෑස සහ තාරාවා සහ පැටවුන්ගේ නොසලකා හැරීම ඉස්මතුවන අයුරින් පෙන්වීමට සමත්වීතිබීම සාර්ථකත්වයට තවත් සාධකයකි.
Ben goes for a walk

මෙය පින්තූර පොතකි. google book
 බෙන් නම් බලු පැටියා විවිධ සතුන් අතරට ගියවිට මුහුණ දුන් ගැටලු චිත්‍රමඟින් පමණක් පෙන්වා ඇත. බෙන් මඩවලක වැටී ඇති අයුරු ඉහත link මඟින් බලන්න.

Wake up ,Jip
Add caption
 මේ පොතත් පින්තූර පොත් ගණයට අයත් ය.link මඟින් අදාල පිටුවට පිවිසෙන්න.අවසාන පිටුවේ දී ඇති වර්ගීකරන බලන්න. මෙය ඉතා වැදගත් මෙම කාණ්ඩයේ පොත් මට්ටම් 8කින් යුතුවන අතර මෙම පොත් දෙකම සුදු වර්ණ කේතයට අයත්ය.ඒ ඒ මට්ටමේදී සරුවා ගේ සිතීමේ ශක්තිය වර්ෂනය කිරීමට අවශ්‍ය පරිදි විනා විශාල අකුරු ප්‍රමාණයක් ලබා දීම අරමුණක් නොවේ.