වෙනස සඳහා
සම්පත්
ශ්‍රී ලංකාවේ වසර 50ටත් අධික කාලයක් තිස්සේ
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ විදින්නමු. අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් කන්නන්ගර අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයන්
වන්නෙමු. පසුගිය දශක 6ක කාලය තුල අධ්‍යාපනයේ උන්නතිය
වෙනුවෙන් විවිධ පියවර අනුගමනය කළෙමු. නොමිලයේ අධ්‍යාපනය, නොමිලයේ පෙළ පොත්, නොමිලයේ
නිල අදුම් සහ නොමිලයේ පාවහන් ලබාදෙන යුගයකට පැමිණ ඇත්තෙමු. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය
ශිෂ්‍ය කේන්ද්‍රීය බවට පත්කරමින් සිටින්නෙමු. සමස්ත ප්‍රජාව ගෝලීයකරනයට
හසුවෙමින් පවතී. අපි දැනුම පදනම්කරගත් සමාජයක් කරා යුගපරිණාමයක් සිදුවන සංක්‍රමණික අවධියකට පැමිණ සිටිමු.
ජාතික වශයෙන් දැනුම අපනයනය සඳහා වූ ප්‍රතිපත්ති
රාමුවකට පිවිස සිටින මෙවන් යුගයක ජාතික දත්ත විමසා බැලු විට අප විශිෂ්ඨ ජයග්‍රහණ
ලබා ඇත්තෙමු. තරුණ ජනගහනයෙන් 98%ක්ම සාක්ෂරතාවයෙන් යුක්තය.ඉතිරිව ඇත්තේ ඉන්ද්‍රිය
දුබලතා ඇති ළමුන් පමණි.මෙයින් අපට උදම්වීමට හැකිද? ඔව් එහෙත් ඊට පෙර එය මදක්
සමාලෝචනය කර බලමු.එක්සත් ජාතීන්ගේ සහස්‍රක ඉලක්ක වලින් එකක් වනුයේ සාක්ෂරතාවයයි. ඒ
අනුව අප අවට රටවල් සාක්ෂරතාව කරා සීඝ්‍ර ගමනක යෙදී සිටී. ඔවුන් අප ඉක්මවනු ඇත. ඒ
අතර සාක්ෂරතාවයද වෙනස් වී ඇත. අප සාක්ෂරතාව යයි සලකන මව් භාෂාව භාවිතයෙන් අදහස්
හුවමාරු කිරීම, ලියා දැක්වීම, ලියාඇති දේ
තේරුම්ගැනීම සහ මූලික ගණිත හැකියාව හෙට
ලොවට අවශ්‍ය සාක්ෂරතාව නොවේ. නව සහස්‍රකයේ
ජීවත්වීමේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට මෙමම දැණුම ප්‍රමාණවත් නොවේ. රූපවාහිනිය,
ගුවන්විදුලිය පමණක් නොව අන්තර්ජාලය ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන, මඟින් තොරතුරු ලබා ගැනීම,
ටෙලර් යන්ත්‍ර, බාර් කෝඩ් රීඩර්, වැනි උපකරණ හරහා ක්‍රෙඩිට් කාඩ්/ඩෙබිට්
කාඩ් භාවිතය,
අන්තර්ජාලය හරහා මුදල් සම්ප්‍රේෂණය,වැනි දෑ
එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය දැනුම් බවට පත්වී ඇත.විවිධ
ජනවර්ග, විවිධ සංස්කෘතීන්ට අදාලවන ආචාරධර්ම, අගයයන් හා වටිනාකම්, වෙනස්
වන ජන සමාජ සමග කටයුතු කළයුතුවූ ගෝලීය යුගයකට අපි පිවිස සිටිමු. ඒ සදහා අවශ්‍ය වූ ගෝලීය සාක්ෂරතාවක් අනිවාර්යය වේ.
අධ්‍යාපනයේ
අපි, අද නොදන්නා, හඳුනා නොගත් එහෙත් හෙටට අවශ්‍ය මිනිසුන් සකස්කල යුතුය.මේ සඳහා
විභාග අරමුණු පමණක් පාදක කරගනිමින් ඉගැන්වීම ප්‍රමාණවත්ද යන්න විමසාබැලිය යුතුය. සෑම ප්‍රසිද්ධ විභාගයක් අවසානයේදීම වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් ප්‍රකාශයට
පත් කෙරේ.එම තත්වය ළඟාකර ගැනීම සඳහා පාසල් තරඟයක යෙදෙනු පෙනේ.එසේ උවද
මේ පළමුවෙනියන් තුලින් අප ඉටුකරගත් ජාතික
අරමුණු ප්‍රමාණය කොතෙක්දැ යි විමසා බලන අධ්‍යයනයක් තවමත් කෙරී ඇද්දැයි සැක සහිතය. වෙනස්වන ලෝකයේ අභියෝගයන්ට මුහුණ දීමට ජාතිය ගොඩනැඟීමට, දායකවන
සමබර චින්තනයකින් හෙබි,
වෙනස්කම්වලට ඔරොත්තු දියහැකි හා හැඩගැසිය හැකි ජාත්‍යන්තර
ප්‍රජාවතුල ගෞරවණීයව හැසිරෙන පුද්ගලයන් බිහිකිරීමට අපගේ අරමුණු ප්‍රකාශයෙන් අරමුණු
කොට ඇත.
මේ අරමුණු ඉටුකරගැනීමට අපි අපගේ පාසල් ව්‍යුහය භාවිතා
කරමු.
![]() |
| This is our typical school organizational chart |
විදුහල්
කළමණාකරනයේ අනෙක් අංශය පරිපාලනයයි. සාමූහික ක්‍රියාවලියක් ලෙස සියලු සම්පත්
යොදවමින් පරිපාලක ක්‍රියාවලිය සිදු වේ. පැමිණීමේ ලේඛණ, නිවාඩු, කාලසටහන අනුව
අනිවාර්යයෙන් ගුරුවරයකු පංතියට යාම, දින සටහන් වාර සටහන්, වාර්ෂික ලිත් ආදිය
අකුරටම ක්‍රියාත්මකවේ.කාර්යාල කාර්ය සහායක සිට විදුහල්පති දක්වා සියළු තරාතිරම්වල
අය අවශ්‍ය පරිදි යොදාගනිමින් මදිනම් විද්‍යාගාර සහායක, පුස්තකාල සහායක වැනි අනිවාර්ය
අධ්‍යයන කාර්යයන්හි සහායක සේවාවලට සිටින අයද යොදා ගනී. පාසලේ දී මෙම ක්‍රියාවලියද
උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදු වුවද එහි අධ්‍යයන කාර්යයක්/ව්‍යවහාරයක් නැති තරම්ය. එසේනම්
පාසලතුල අධ්‍යාපනඥයන්ගේ කාර්ය ඉටුවනු ඇත්තේ අධ්‍යාපන සංවර්ධන අංශයේ ද? මේ සඳහා
යෙදවුම් ලෙස විවිධ උපාධි ලත් ගුරුවරුන්ද විවිධ පුහුණු ලත් ගුරු හා විදුහල්පතිවරු ද
සිටිති. පුස්තකාල හා ඉගෙණුම් සම්පත් මධ්‍යස්ථාන, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන, විද්‍යාගාර,
භූ විද්‍යා කාමර ආදී වශයෙන් නොයෙකුත් මධ්‍යස්ථාන ඇත.
සඳුදා
උදේ 9.30ට විද්‍යාව ඉගැන්වීමට පංති කාමරයට ගිය විද්‍යා ගුරුතුමිය ගැන සිතමු. මේසා
විශාල වූ අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය විසින් ඉටුකර ඇති කාර්යයවන්නේ ඇය 9.45 ට
පංතිකාමරයෙහි පිහිටුවීමට සහ එදින ඉගැන්වියයුතු විෂය කොටසත් තීර්ණයකිරීම පමණි.
·
අදාල පාඩම මෙම විදුහලේ ඉගැන්වීමට සුදුසු හොඳම ක්‍රමය
සොයා ගැනිමට අධ්‍යාපන සංවර්ධන අංශය ලබාදුන් සහය කුමක් ද?
·
අදාල පාඩමට පෙර කියවිමට පාඩමට යොදාගැන්මට සහ ඇගයිම්/
පැවරුම් සඳහා හා පසු කියවිමට සුදුසු පොත් පිළිබඳ දැනුවත්වීමට තිබූ පහසුකම කුමක් ද?
·
අදාල පාඩමට ආදර්ශයට ව්ද්‍යාගාරය තුල ඇති උපකරණ හා
පහසුකම් අධ්‍යාපනයට යොදා ඇති ක්‍රමවේදය කුමක්ද?
·
අදාල පාඩම සඳහා අනුකූලවන අන්තර්ජාලමාධ්‍ය වන menace වැඩ සටහන්, CD/VCD වැඩසටහන් මොනවාද? ඒවා කෙරේ
ළමුන් යොමු කල හැක්කේ කෙසේද?
මේ
ගැටලු වලට පිළතුරු - ක්‍රියාදාමයක් වර්ධනය කරන්නාවූ ද පාසලේ සම්පත් උපරිමයෙන්
භාවිතාකරන
වැඩ
සටහනක් නොමැති පාසලක් අධ්‍යාපනය වන්නේ කෙසේද? අධ්‍යයන ව්‍යවහාර රහිත පාසල් කළමනාකරණයකට
විදුහල්පවරුන් අවශ්‍ය නොවේ.
සිදිවිය
යුතු වෙනස
v පාසල් කළමනාකරණය අධ්‍යාපනික විය යුතුයි.
v පාසල් අධ්‍යාපන කළමනාකරණ වැඩසටහන් ඒඒ විෂය අනුව වෙනස් විය යුතුය.
v සම්පත් පාදක අධ්‍යාපන ප්‍රවේශයක් අනුගමනය කල යුතුයි.
මේ සඳහා
ක්‍රියාකාරී, collaborative library and learner rescores center පාසලක ක්‍රියාත්මක විය යුතුයි.


