Wednesday, February 1, 2017

ඔබේ දරුවාට පොතක් තෝරා ගන්න


ඔබේ දරුවන් සඳහා පොත් තෝරාගැනීම පිළිබඳ ගැඹුරින් සලකා බලා ඇත්ද? සැබැවින්ම මෙයපිළිබඳ අතිශයින් සැලකිලිමත් විය යුතු කාර්යයකි. මන්ද යත්

  • සවිචාර බුද්ධිය(Critical thinking), 
  • නිවැරදි වචන හා නිරවද්‍ය භාවිතය(Word power),
  • විමර්ශණය හා තොරතුරු උකහාගැනීම 
සඳහා ඔබගේ තෝරා ගැනීම දායක විය යුතු බැවිනි.
(ප්‍රකාශන හිමිකම් නීතිරීති තුල සිටිමින් මෙම කාර්යය කළයුතුවූ බව කරණාවෙන් සලකන්න).

Look at my eggs


ඉහත web link වෙත යොමුවන්න. මෙම පොතේ පිටකවරය ග්‍රන්ථනාමය, ලේඛකයා සහ චිත්‍රශිල්පියා මෙන්ම ග්‍රන්ථමාලාව පිලිබඳ තොරතුරුද කවරයේ පින්තූරයක්ද ඇතුලත්ය. පහල කෙලවර රතුදාරය පාඨක මට්ටම(reading level)පිලිබඳ  හැඟීමක් ලබා දෙයි.කවරයේ පින්තූරය කිකිළිය සහ ඇගේබිත්තර පෙන්වනවාට අමතර ව ඇය තමන්ගේ බිත්තර පිළිබඳ දක්වන ඇල්ම හා උනන්දුව මොනවට පැහැදිලිය.

දැන් sample pages වෙත් යොමුවන්න. "Look at my eggs" said the hen වාක්‍ය සමගාමී ව  පිටු කිහිපයකම යෙදේ. මෙය ළමා පොතක තවත් හොඳ ලක්ෂණයකි.එමඟින් එම වාක්‍ය ඛණ්ඩය ,වචන,රෙුම දරුවාගේ මනස තුල තිරකරයි.ඊ ලඟ පිටුවේ "No" said the duck වාක්‍යයද ඉදිරි පිටුවල නැවත නැවත යෙදෙනුයේ අගට ඇතිවචනය වෙනස් කරමිනි. එමඟින් එක්පිටුවට එක වචනය බැගින් දරුවාගේ ශබ්දකෝෂයට නොදැනීම වචන එකතුකරයි.
දැන් පිංතූරය බලන්න.  පිටුවේ 80% චිත්‍රයට වෙන්කර ඇත. මෙම වයසේ දරුවන්ට වඩා වැදගත්වනුයේ චිත්‍රයයි.කිකිළිය හා තාරාවිය අතර වෙනස  ආවේනික වූ ලාක්ෂණිකයන් වන හොට සහ පාද ඇසුරින් මතුකර දක්වා ඇත.කිකිළියගේ බලාපොරොත්තු සහගත දෑස සහ තාරාවා සහ පැටවුන්ගේ නොසලකා හැරීම ඉස්මතුවන අයුරින් පෙන්වීමට සමත්වීතිබීම සාර්ථකත්වයට තවත් සාධකයකි.
Ben goes for a walk

මෙය පින්තූර පොතකි. google book
 බෙන් නම් බලු පැටියා විවිධ සතුන් අතරට ගියවිට මුහුණ දුන් ගැටලු චිත්‍රමඟින් පමණක් පෙන්වා ඇත. බෙන් මඩවලක වැටී ඇති අයුරු ඉහත link මඟින් බලන්න.

Wake up ,Jip
Add caption
 මේ පොතත් පින්තූර පොත් ගණයට අයත් ය.link මඟින් අදාල පිටුවට පිවිසෙන්න.අවසාන පිටුවේ දී ඇති වර්ගීකරන බලන්න. මෙය ඉතා වැදගත් මෙම කාණ්ඩයේ පොත් මට්ටම් 8කින් යුතුවන අතර මෙම පොත් දෙකම සුදු වර්ණ කේතයට අයත්ය.ඒ ඒ මට්ටමේදී සරුවා ගේ සිතීමේ ශක්තිය වර්ෂනය කිරීමට අවශ්‍ය පරිදි විනා විශාල අකුරු ප්‍රමාණයක් ලබා දීම අරමුණක් නොවේ.